මේ ලිපිය ලංකාවේ ඇති දර්ශනීයම සහ විශ්මිත කඳු පිහිටීමක් වන “කටුසු කොන්ද” සහ එය පිහිටි “ඌරාගල කන්ද” ගැනයි..හන්තාන කදු පන්තිය කිව්වම නොදන්න කෙනෙක් නැති තරම්, හන්තාන යාබදව පිහිටල තියෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලය ආශ්‍රිතව නිර්මාණය වෙච්ච බොහොමයක් සාහිත්‍ය නිර්මාණ වලට හන්තාන කඳුවල සුන්දරත්වය පාදක වෙලා තියනවා.ඉතින් නාගරික පරිසරයකට බොහොම ආසන්නව පිහිටලා තිබුනත් හන්තාන කඳු පන්තිය කියන්නේ අවම කඳු 7 කින් සමන්විත වෙනස්ම අත්දැකීමක් විඳගන්න පුලුවන් තැනක් ,මේ කදු වලින් උසම කන්ද විදිහට ඌරා කෙටු කන්ද ( ඌරාගල කන්ද ) අඩි 3800 සහ අවසාන වගේම අමාරැම කන්ද කටුසු කන්ද විදිහටත් හදුනාගන්න පුළුවන්.පුරාවෘත්ත ඌරාගල කන්ද වටා බැදුනු පුරාවෘත කිහිපයක්ම තියනවා, එකක් තමා කුවේණිය විසින් කළායැයි සැලකෙන දිවි දෝෂය සුවකිරිම සදහා කරන ලද කොහොඹා කංකාරිය සිදුකිරීමට මලය රජ (මලේ රජ්ජුරුවෝ ) රවටාගෙන ලංකාව පැමිණි ඌරු වෙස්ගත් රාහු හා මලය රජු හමූවුන ස්ථානය ( මලය රජ විසින් ඌරු වෙස්ගත් රාහුට කඩුවෙන් කෙටු ස්ථානය ) විදිහට හඳුන්වනු ලැබිම. ඒ වගේම කටුසු කන්දට එම නම වැටිල තියෙන්නේ කටුස්සෙකුගේ කොන්ද සේ පෙනෙන හැඩයකට තිබෙන ඉතා පටු කඳු මුහුණත නිසා..

ගමන් මඟ හන්තාන කදු පන්තියට ප්‍රවේශ මාර්ග ගණනාවක්ම තියනවා . එයින් බහුලවම භාවිතා වෙන්නේ හන්තාන හතර කණුව (4 Mile post) ලගින් පටන් ගන්න සන්නිවේදන කුළුණු හරහා යන මාර්ගය, විජේරාම පන්සල හරහා යන මාර්ගය, අමායා හිල්ස් හෝටලය හරහා යන මාර්ගය වගේම සරසවිගම හරහා යන මාර්ගය කියන කිහිපය තමා. මේ අතරින් හොඳම එක විදිහට සලකන්න පුළුවන් හන්තාන 4 කණුව හරහා මාර්ගය,මහනුවර නගරයෙන් හන්තාන පාර දිගේ ( රෝහල අසලින් දිවෙන පාර ) ඉහලට ආවම හන්තාන 4 කණුවට ලඟා වෙන්න පුලුවන්. පහසුම ක්‍රමය තමා මහනුවර නගරයෙන් ත්‍රීවිල් එකක් ගන්න එක (Rs 500) හතරෙ කණුවේ සිට ඉහලට පැහැදිලි මාර්ගයක් තියනවා ඉහළ පිහිටා ඇති සන්නිවේදන කුළුණු වලට යනකම්, මේ කුළුණු පිහිටලා තියෙන්නේ පළවෙනි කදු මුදුන ආශ්‍රිතව. ඒ වගේම පළවෙනි කඳු මුදුන පසු කරනාවත් එක්කම වික්ටොරියා ජලාශය දක්වා විශිෂ්ට භූමි දර්ශනයක් දැකගන්නත් පුළුවන්.පළවෙනි කඳු මුදුනෙ ඉඳන්ම පැහැදිලි අඩි පාරක් හා මාර්ග සළකුණු 03 වන කදු මුදුන දක්වාම වගේ දකින්න පුළුවන් . නමුත් එතැන් සිට බොහෝ දුරට පැහැදිලි මාර්ගයක් දකින්න ලැබෙන්නේ නැහැ. එම නිසා ඌරාගල ඉදන් කටුසු කන්ද දක්වා ගමන් කිරිම යම් තරමකට අමාරැ වෙන්න පුළුවන්.අතරමං විමට අඩුම අවදානමක් තියන හින්දම ආධුනික කඳු නගින්නන් බොහොමයකට ලේසියෙන්ම යන්න පුළුවන් කඳු කිහිපයෙන් එකක් විදිහටත් සලකන්න පුළුවන් හන්තාන කදු පන්තිය . වර්ෂාව කාලයේදි වේගවත් සුළං හා ඝණ මිදුම නිසා යම් තරමක අතරමං වීමේ අවදානමකුත් නැතුවාම නෙවේ. ඊට අමතරව අධික සුළං තත්වයන් නිසා වියළි කාලයේ දි හන්තාන බොහෝ ලැව් ගිනි තත්වයන්ට සුලබව මුහුණ දෙනවා. ඉතින් යන්න කලින් මේ ගැනත් සැලකිලිමත් විම ඇඟට ගුණයි.

⭕අනතුරට පෙර අවදානමෙන් සතුන්ගෙන් නම් හන්තාන කඳු වලදි වෙන්න පුලුවන් අනතුරු අවමයි, නමුත් වැහි කාලයේ අධික කූඩලු ප්‍රහාර වලට නම් අනිවාර්යෙන්ම ලක්වෙන්න පුළුවන්. ඊට අමතරව කුළු හරක්, දිවියන් වගේ සතුන් හමුවිමි වාර්තා වෙලා තියනවා, විශේෂයෙන්ම ඌරාගල ඉදන් කටුසු කන්ද දිහාවට දිවියන් හා කුළු හරක් ඉන්න නිසා අවධානයෙන් ගමන් කිරිම ඔබගේ ඇඟට ඉතාම ගුණ දායකයි.සැලකිළිමත් විය යුතු කරුණු අවම වතුර ලිටර් 2ක් කුඩලු ප්‍රතිකාර ( පැගිරි ස්ප්‍රේ) අවම උදැසන 07ට වත් ගමන පටන්ගන්න, හවස මිදුමත් එක්ක පාර හොයාගන්න අමාරු වෙන්න පුළුවන්.තොරතුරු – ට්‍රැවල් ගයිඩ් පේජයෙන්කටුසු කොන්ද කියල බොහෝ දෙනා ඉන්දියාවෙ දුර්ගයක පොටෝ දැම්මට ලංකාවෙ තියෙන්නෙ ඊට වඩා දර්ශනීය සහ අවදානම් සහිත ස්ථානයක්..නරඹන්න යන්න..ඒ වගේම ඒ පරිසර පද්ධතියට කිසිම හානියක් කරන්න එපා