රාම සීතා පෙම් පුවත සැබෑම ආදරවන්තයන්ගේ අනන්‍යතාවයි. ලෝකය පුරා හින්දු බැතිමතුන් රාම දෙවියන් මහත් භක්තියෙන් අදහන අතර රාමායනය නම් සාහිත්‍ය කෘතිය මගින් මෙම චරිතය විශිෂ්ට චරිතයක් ලෙසින් ඉස්මතු කොට ඇත.එහෙත්…ඉන්දියානුවන් රාවණ රජතුමාව සලකනු ලබන්නේ ගැහැනුන් සොරකමේ ගිය රජකෙනෙක් ලෙසින්ය. රාම රජතුමා විසින් රාවණ රජ්ජුරුවන්ගේ නැගණියගේ කන සහ නාසය කපා දැමීමට උරණව සීතාව පැහැරගෙන පැමිණියත් ඇය වෙනුවෙන් උපරිම සැප පහසුකම් ලබා දී ඇත. ඌව පරණගම ප‍්‍රදේශයේ ‘‘ ස්ති‍්‍ර පුරය ’’ නමැති ප‍්‍රදේශයේ සීතාව සඟවා තබා ඇය වෙනුවෙන් සියලූ පහසුකම් සලසා දෙන ලදි. රාවණ රජතුමාගේ යහපත් ගති පැවැතුම් නිසා සීතා කුමරියගේ පතිවත රැක ගැනීමට හැකි වුණත් රාම රජතුමාට එහි සැකයක් ඇති වීම වෙතින් පැහැදිලිව පෙනෙන්නේ ඇය මුල්කර ගත් විශ්වාසයක් රාම වෙත නොතිබුන බවයි.රාවණ රජතුමා සීතා කුමරි වෙනුවෙන් දැඩි රැකවල් යොදා තිබුණ අතර සීතා කුමරියට නිදහස් ජීවිතයක් ගත කිරීමට අවසර තිබුණේ නැති බව පුරාවෘත මගින් පෙනී යන කරුණකි. රාවණ රජතුමා ගමන් බිමන් යෑම වෙනුවෙන් භාවිත කරනු ලැබුවේ උමං මාර්ගය ඇතුළු වෙන තැන යක්ෂ සෙනෙවියන් දෙදෙනකු විසින් ආරක්ෂා කරන ලදි. සීතා කුමරිය ස්නානය කරන තෙක් රාවණ රජතුමාගේ සෙන්පතියන් විසින් රැකවල් ලා සිටි බවත් සඳහන් වීමෙන් පෙනී යන්නේ සීතා කුමරිය මුල් කරගත් දැඩි ආරක්ෂාවයි. මේ නිසාම නුවරඑලි ප‍්‍රදේශයේ සීතා කුමරිය ජීවත් වූ කාලය මුල් කර ගෙන විවිධ පුරාවෘතයන් ගොඩ නැගී තිබේ.

නුවරඑළි ප‍්‍රදේශයේදී දක්නට ලැබෙන පාෂාණීභූත ගල් විශේෂයක් පිළිබඳව බැඳී ඇත්තේ අපූර්ව ජන විශ්වාසයකි. රාවණා විසින් අත් අඩංගුවට ගත් සීතා ලංකාවේ ජීවත් වෙද්දී රාම පිළිබඳව පති භක්තියෙන්ම පසු වූවාය. ඒ නිසාම ඇය ආහාර පිණිස ලබා දුන් දේ පවා ප‍්‍රතික්ෂේප කරමින් රාවණා ගැනම සිතැතිව ජීවත් වූවාය. වතාවකදී සීතාට ආහාර පිලි ලබා දුන් කිරිබත් ප‍්‍රතික්ෂේප කළ සීතා ඒවා දසත විසුරුවා හැරිය අතර ඒවා ගල් වී පොළව යට පාෂාණීභූත විය.අදටත් නුවරඑලි දිස්ති‍්‍රක්කයේ මෙම පාෂාණීභූත ගල් කැට හමු වෙන අතර ඒවා ‘‘සීතාගුලි’’ යනුවෙන් හැඳින්වේ. උදරාබාධ ඇති වුණ විට මෙම ‘සීතාගුලි’’ උරගා බීම අදටත් මෙම ප‍්‍රදේශවාසීන් හුරුව සිටිති.මේ අතර සීතා සොයා ගෙන දඹදිව සිට පැමිණි හනුමන්තාගේ වලිගයට රාවණ හමුදාව විසින් ගිනිතබන ලදී. හනුමන්තා ගෙයින් ගෙයි වහලට පනිමින් මෙම ප‍්‍රදේශයම එකම ගිනිජාලාවක් බවට පත් කරන ලදී. ඒ නිසාම මෙම ප‍්‍රදේශයේ පොළව කළු පැහැයෙන් දක්නට ලැබීම පිටුපසින් වූ පුරාවෘතයක් බවට පත්ව තිබේ. මේ ගිනිජාලවෙන් නික්මුන ආලෝකය නිසාම මෙම ප‍්‍රදේශය ‘‘නුවරඑලිය’’ යනුවෙන් ව්‍යවහාරටය පත්ව ඇතැයිද පැවසේ.මේ අතර රාම රාවණා අතර ඇති වුණ යුද්ධයෙන් රාවණා තම ජීවිතය බේරා ගනු වස් හෝර්ටන් තැන්නේ දකුණු කෙළවර පිහිටි ලෝකාන්තයේ ගල් කුහර අතර සැඟව සිටි අතර සටනින් පැරදුන රාවණාගේ සිරුර වැටී තිබුන ස්ථානය ‘‘කඳපොල’’ යනුවෙන්ද ව්‍යවහාරයට පත්ව ඇත. රාවණාගේ සිරුර බෙහෙත් ගල්වා ඔරුවක ගිල්වා ‘‘මහකුඩුගල’’ නමැති ස්ථානයේ් තබා ඇතැයිද අදටත් මේ සිරුර නරක් නොවී පවතින බැව් විශ්වාස කෙරේ.