මීට වසර ගණනාවකට කලින් කාගෙන් හරි ඇහුවොත් සීගිරිය හැදුවෙ කවුද කියල ගත් කටටම කියයි කාශ්‍යප කියල. නමුත් දැන් තත්වය වෙනස්, දැන් බොහොමයක් දෙනා දන්නව රාවණ යුගයටත් මේ සීගිරියෙගි සම්බන්දයක් ඇති බව. නමුත් ඔවුන් මෙය විශ්වාස කිරීමට මැලි කමක් දක්වනවා, ඒ වගකිව යුතු රාජ්‍ය ආයතනයන් විසින් මේ පිලිබඳ නොසෙවීමයි.ඔබ සිතනවාද කාශ්‍යප වගේ හැංගෙන්න උවමනාවක් තිබුන රජ කෙනෙක් මේ වගේ මුලු ප්‍රදේශයටම පේන උස් ස්ථානයක හැංගෙයි කියල, ඒක විහිලුවක් නේද.අපි කතාව පටන් ගමු..සූරිය ගුණසේකර කියන්නෙ සීගිරිය හා අපේ රටේ ඉතිහාසය සම්බන්දව පර්‍යේෂනය කරපු පුද්ගලයෙක්. මේ මහත්මය 1960 ගණන් වල තවත් පිරිසක් සමඟින් සීගිරිය හා ඒ අවට ප්‍රදේශය ගැන පර්‍යේෂන වල නියැලෙමින් ඉදල තියනව. ඔවුන් දවල්ට ආහාර ගන්න සීගිරිය අසල ගමක පුංචි පැල්පතකට ගිහින් තියනව. මේ ගෙදර ඉදල තියනව අන්ධ සීය කෙනෙක්. මේ සීය දැන ගත්තහම මේ මහත්වරු ඇවිත් තියෙන්නෙ සීගිරිය ගැන කරුණු හොයන්න කියල ඒ සීය හරි අමුතු කතාවක් කියල තියනව.

” මහත්මය විශ්වාස කරනවද, මම කලින් අන්ධ කෙනෙක් නෙමෙයි. මට මෙහෙම උනේ මම ලොකු පවකට සමාදන් උන නිසා.” මෙහෙම කිවාහම අර මහත්වරු පුදුම උනාලු.”ඒ මොකක්ද සීයෙ ඒ””මම ඒකාලෙ HCP බෙල් යටතේ සීගිරියේ කැණීම් වලට උදව් දුන්නු සේවකයෙක් මහත්මය, ඒ කාලෙ ඉදපු අයගෙන් දැන් මං විතරයි ඉතුරු. අපි පර්‍යේෂන කරමින් සීගිරිය ගල මුදුනටම ගියා. අපිට ගල මුදුනෙ තිබිල නොයෙක් පුදුම හිතෙන වටිනාකියන දේවල් ගොඩක් හම්බවුනා. මෙහෙම පර්‍යේෂන කරගෙන යනකොට අපිට හම්බුනා ගලේ අභ්‍යන්තරයට යන්න පුලුවන් පඩි පෙළක්. මේ පඩිපෙළ උඩ ඉදල ගල අභ්‍යන්තරයෙන් කෙලින්ම යන්නෙ පල්ලෙහාට. ඒ ගැන හාන්කවිසියක්වත් එළියට පෙනෙන්නෙ නෑ. පඩිපෙලේ තැනින් තැන ගිමන් නිවන්න වාගේ කුටි නිර්මාණය කරල තිබුන. ඒ කුටි වල තිබෙල නොයෙක් වටින දේවල් ගොඩක් අපිට හම්බුනා. බෙල් මහත්තය අපි ලව්ව ඒ ඔක්කොම එලියට ගෙන්න ගත්ත. ඊට පස්සෙ අපිට කිව්ව අභ්‍යන්තර මාළිගාවට යන මේ පඩිපෙළ කොන්ක්‍රීට් දාල වහන්න කියල. අපිට පුදුම හිතුන. ඒත් අපි කියපු විදියට කලා. ඒත් එදායින් පස්සෙ ඒ වැඩේට සම්බන්ද වුනු කිසි කෙනෙක්ට හොඳක් උනේ නෑ මහත්තයො. සමහර අය සතා සීපාව ගහල මැරුණ, ගහක් ගලක් වගේ ඉදපු මම දවසක් ඇහැරුනේ මේ විදියට අන්ධ වෙලා.”ඉතින් මම කියන්න දෙයක් නෑ ඔබම සිතා ගන්න.ඇයි අපි මෙච්වර මෝඩ වෙලා. සීගිරිය කියල වචනෙ තේරුමම ගත්තත් ඕනෙ කෙනෙකුට තේරෙන්න ඕනෙ නේද මේක ඇතුලෙ කුහරයක් එහෙමත් නැතිනම් හිස් අවකාශයක් තියනව කියල.ගිරිය කියන්නෙ ඇතුලත හිස් කුහරයක් සතිත පිටතින් ඉදිරියට නෙරාවිත් ඇති කොටසයි.උදාහරණයක් විදියට අපිට පොඩි කාලෙ තාත්තල කියන්නෙ ගිරිය කඩන් කෑ ගහන්න එපා කියල. ගිරිය කියල ඔවුන් අදහස් කරන්නේ උගුර.මේ සීගිරිය අදටත් මකර සෙන්පති විසින් ආරක්ෂා කරනවා කියල තමයි කියන්නෙ. එමෙන්ම එතුමන් සීගිරිය ගල අභ්‍යන්තරයේ ධ්‍යාන සුවයෙන් වැඩ වාසය කරන බවත් කියවෙනවා.ඉතින් මේ සිතීමට කාලයයි.අප තවත් සීගිරිය ගල දිගා එළියෙන් බලාගෙන හූල්ලනවද.තීරණය ඔබට බාරයි.