අපට නැතිවම බැරි ජලය ගැනයි අද කතා කරන්න හිතුවේ. අපි දන්නවා අනුරාධපුර පොලොන්නරුව පැත්තේ වකුගඩු රෝගීන් වැඩි බව. ඊට හේතුවත් දැන් අපි දන්නවා. ඒ කෘමිනාශක පානිය ජලයට එක්වීම ලෙසයි ගැනෙන්නේ. එම පලාත්වල ජලයේ ඇති විෂ සහිත බව නිසා වකුගඩු වලට හානි සිදු වෙනවා. ඒක අරුමයක් නෙවෙයි.නමුත් අද අපි කතා කරන්නේ නළ ජලය ගැනයි. නල ජලය ඇත්නම් ඉඩමක් විකුණ ගන්න වුනත් පහසුයි. ඒ නිසා තෙකලා විදුලිය සහ නල ජලය ඇතැයි කියා දැන්වීම් පවා පල කරනවා. මේ නල ජලය අපට ලැබෙන්නේ ඉතාමත් සාර්ථක පරීක්ෂාවකින් පසුවයි. මෙහිදී මුලින්ම ජලය පිරිපහදු කර එහි ඇති බැක්ටීරියාවන් වැනි විෂබීජ ඇත්නම් ඒවාද මර්ධණය කරන්නට ක්ලෝරීන්ද යොදනවා. ක්ලොරීන් යෙදුවහම ජලයේ පාට පවා පිරිසිදු වර්ණයක් ගන්නවා. ඉතිං අපි මේවා බොනවා. පයිපයට කට තියලා වතුර බොන ලමයි ඔබ දැකලා ඇති. මෙන්න මේ පයිප වතුරේ සැගවිලා සිටින මාරයා ගැනයි මා අද කතා කරන්නට බලා පොරොත්තු වෙන්නේ.පසුගිය දිනවල අපි පයිප වතරේ ඇති ඔක්සිකරණ හැකියාව මැණ බැලුවා. එය ORP ( Oxidation-Reduction Potential.) සිංහලෙන් කිව්වොත් ඔක්සිකරණය අඩු කිරීමේ විභවය කියලා කියන්න පුලුවන්. ඒ කියන්නේ යම් ද්‍රාවනයක ORP අගය මැණ බැලිම මගින් අපට හැකි වෙනවා එම ද්‍රාවනය කෙතරම් දුරට ඔක්සිකාරකයක් ලෙසට ක්‍රියත්මක වෙනවාද කියලා දැනගන්න. එය මිලි වෝල්ට් වලින් මනින්න පුලුවන්. යම් ද්‍රාවනයක් ඔක්සිකාරකයක් ලෙසට ක්‍රියකරනවා නම් එය ධන අගයකුත් ඔක්සි හාරකයක් ලෙසට ක්‍රියා කරනවා නම් ඍණ අගයකුත් ගන්නවා.අපි බොහෝ විට කතා කරනවා ඕගනික් එලවලු ගැන. ඕගනික් එලවලු ඇත්තටම ඒ තත්වයේ තියෙනවාද කියලා සොයා ගන්නට පුලුවන් මෙම ක්‍රමය මගින්. ඕගනික් එලවලු වල ORP අගය ධන 100 සිට ඍණ 100 දක්වා අගයක් ගන්නා බව අප දැක තියෙනවා. නමුත් අපි ‍ෙ‍සාමාන්‍ය වෙලදපොලෙන් ගන්නා ආහාර වල මෙම අගය ධන 400 සිට 600 දක්වා අගයක් ගන්නවා. මෙය අපිට පුලුවන් ඕගනික් තක්කාලි ගෙඩියක සහ කෘමිනාශක සහ කෘතිම පොහොර යොදා නිපදවන ලද තක්කාලි ගෙඩියක ORP අගය පරීක්ෂා කර බලා තේරුම් ගන්න.ඕගනික් ආහර භාවිතයෙන් ඇති වාසි මොනවාද? වැඩි මුදලක් ගෙවා ඕගනික් ආහාර මිලදී ගන්නේ කෘමිනාශක යොදා වගා කරන ආහාර වල ඇති විෂ අපට පිලිකා හදන බව දන්නා නිසාය. ඉතිං අපි පිලිකාවකින් බේරෙන්න තමයි අවසානෙම වැඩි මුදලක් ගෙවලා මෙසේ ඕගනික් ආහාර මිලට ගෙන පරිභෝජනය කරන්නේ.ඔබ දන්නවාද නල ජලයේ ORP අගය කීයද කියලා. අපි පරීක්ෂා කරනවිට අප දුටු අංකය ධන 680 ක්. ඔබ වැඩි මුදලක් ගෙවලා ගන්න ඕගනික් ආහාර සෝදන්නේ මේ වතුරෙන් නේද? දැන් මොකද වෙන්නේ. හොදින් හිතලා බලන්න.පයිප වතුර බොන කෙනෙකුගේ සිරුරට දිනකට විශාල ධණ අයන ප්‍රමාණයක් ඇතුලු වෙනවා.

මෙම ධන අයන අපගේ රුධිරයට එක් වීම නිසා රුධිර සෛල එකිනෙක එකතු වෙනවා. මේ නිසා රුධිරයේ ඝණත්වය වැඩි වෙනවා. දැන් ඔබට අධිරුධිර පීඩනය සහ හෘද වැලදෙන්නට පාරක් හැදෙනවා.ධණ අයන වැඩි වීම නිසා අපගේ අන්තර් සෛල බන්ධණ බිදවැටෙනවා. මේ නිසාම අපගේ ඉන්ද්‍රියයන් දුර්වල වෙනවා. දැන් බලන්න සිදු වනවදේ. ග්‍රන්ථි දුර්වල වීම නිසා හෝමෝන සමතුලිත තාවය බිද වැටෙනවා. මේ නිසා මුළු ශරීරයම දුර්වල වෙනවා. අග්න්‍යාශය දුර්වල වීම නිසා ඉන්සියුලින් නිපදවීමට බාධා පැමිණෙනවා. දැන් එයාට දියවැඩියාව කියලා මුලු ජීවිතයටම බෙහෙත් බොන්නට සිදු වෙනවා. සියල්ලේම මුල තිබුනේ කොහෙද? පානිය ජලයේ නේද?දැන් මේ මර උගුලෙන් බේරෙන්නේ කොහොමද?වතුර උතුරවලා මැටි කලේක හෝ ගුරුලේත්තුවක දාල ORP අගය මැණ බැලුවහම අපිට දැකගන්නට ලැබුනේ ඒ ජලයේ ORP අගය 200ට වඩා අඩුවී ඇති බවයි. එසේම ක්ලෝරීන් ඉවත් කල හැකි වතුර ෆිල්ටරයක් භාවිතා කිරීමද හොදයි. කන්ගන් වොටර් වැනි නව තාක්ෂණයක් භාවිතා කල හැකිනම් එය වඩාත්ම උචිතයි. නමුත් සියලු දෙනාට මේ තාක්ෂණය භාවිතා කරන්නට නොහැකියි. ඒ එහි ඇති අධික මිල නිසා. මේ නිසා කරන්නට ඇති සුදුසුම විදිහ නම් වතුර උතුරවලා නිවලා මැටි භාජනයක දාලා පානය කරන එක. ‍මේ කරුණ ගැන සුලුවෙන් තකන්න එපා. තම දරුවා යම් දිනක බෝනොවන රෝගයකට ගොදුරු වන්නේ මේ නිසා විය හැකියි. හැකිනම් මෙම උපකරණයක් මිලදී ගෙන තමන් ගන්නා ආහාර වල සහ පානය කරන දේවල් වල ORP අගය මැණ බලන්න. දරුවාට පාසලට ගෙනියන්නට වතුර බෝතලයක් දෙන්න. මෙම පරීක්ෂණය තව දුරටත් සිදු කර ඇති අතර පිලියන්දල සුව සෙත හෙළ ඔසු ආයතනයට එන අයට ඒ බව වීඩියෝ මාර්ගයෙන් දැකගන්නට සලස්වා ඇත. වෙදමහතාගේ අවසරය සහිතව ඉදිරියේදී එම වීඩියෝ අපගේ ෆේස් බුක් පිටුවේ පලකරන්නම්.ජීවිතයක් බේරාගන්නට මේ ගැන තවත් කිහිප දෙනෙකු හෝ දැනුවත් කරන්න. හැකිතාක් ෂෙයාර් කරන්න.(වැඩි දුර විස්තර අවශ්‍ය නම් අප ආයතනයේ නියෝජිත මහතෙකු අමතන්න.සෙරෙන්ඩිබ් හෝලෙස්ටික් සෙන්ටර් අංක 144. 1/1 ගාළුපාර ගල්කිස්ස.(කාර්යාල අංකය 0112 735621අජන්ත. +94 713503430ධම්මික. +94 775793850)මා හා සම්බන්ධ වන්නට අවැසි නම් වට්ස් ඇප් මැසේජ් එකක් එවා තබන්න. හැකි වේලාවක පිලිතුරු දෙන්නම්.පෝෂණ වේදී.නයන තේනුවර. +6583956095 මෙත් සිතිනි)