වර්තමානයේ අතිශයින් දුර්ලභ ශාඛයක් වන මදාරා ගස ඖෂධීය වශයෙන් මෙන්ම විශේෂ ප්‍රයෝජන රාශියක් ලබාදෙන ඉතා දුර්ලභ වටිනා ශාඛයක් ලෙස මදාරා හැදින්විය හැකිය. මදාරා මල් සුවඳ විඳ ගැනීමට නම් දිව්‍ය සම්පත් ලබාගත යුතු බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන්වේ. අත්ථදස්සී බුදුරජාණන්වහන්සේ සමයෙහි අප මහ බෝසතාණෝ මදාරා මලක් කුඩයක් කර බුදුන්ට පිදීම නිසා නියත විවරණ ලැබූ බව ශාසන ඉතිහාසයෙහි ද සදහන් වේ.මදාර ගස කුඩා ගසකි. සුදුපාට කෙදි වැටි ගිය අඟල්1/4 පමණ ඝණකමින් යුත් කළු පාට පොතුවලින් යුක්තවේ. රත්හඳුන් කොළවලට සමාන බොහෝ සෙයින් සමාන කොළවලින් යුත් තේජාන්විත ගසකි.අඟල්1-4 දක්වා දික්වූ පලාවන් පාටගොලාකාර පත්‍රයේ මාංශල ගතිය නැත.ගසේ අරටුව පතගි වැනි වර්ණයෙන් යුක්තය.මෙය ගජ මදාරා, මල් මදාරා, වල් මදාරා යනුවෙන් වර්ග 3 වේ.ගජ මදාර ගසගජ මදාරා ගෙඩි නෙල්ලි ගෙඩියට සමාන වෙන අතර වේලුනු පසු අරළු ගෙඩියේ පැහැය ගනි. මෙහි ඇට කලාතුරකින් පැලවේ.එසේ පැලවෙන්නේද සීමිත ප්‍රමනයක්බව දක්නට ලැබේ.මෙහි රතුපාට කුඩා මලක් පිපෙන අතර එය ඉතා සුවඳවත්ය.මල් මදාර ගස මල් මදාරා ගසේ රතුපාට ලොකු මල් පිපේ එයද සුවදවත්ය මෙහි ගෙඩි හැදෙන්නේ නැත.වල්මදාරාවලද රතුපාට මල් පිපෙන අතර අරළු ගෙඩි වැනි ගෙඩි ඇතිවේ. එම ගෙඩිවල ඇති ඇට පැලවේ.මෙය සුලභව දක්නට ඇති ගසකි.නියම මදාරා ගසකට කිසිදු සතෙකු ගෙන් හානියක් නොවේ. එහි කොළ, දඩු අනුභව කරනවා තබා ස්පර්ශ කරන සතෙකු දක්නට නොලැබේඅලි ඇතුන් පවා මේ ගස් අසලවත් තොයති. මේ ගස් තිබෙන භූමිවලට තේජස, භාග්‍යාය හා දියුණුව ලැබෙන බව සඳහන් වේ. මේ ගස්වල මල් හට ගනු ලබන්නේ අප්‍රේල් මැයි මාසයන්හීදීය.ඔසු ගුණ විශේෂයෙන් හෙලවෙදකමේ විවිධ රෝග සමනය සඳහා යොදා ගැනේ.මදාරා කොළ යුෂ පානයෙන් සියළුම ස්නායු ගත රෝග සමනය කල හැකි බව සඳහන්වේ.මදාරා ගසේ ඇට, මල්, අරටුව පැලදීමෙන් සියළු රෝග සුවකර ගැනිමේ ප්‍රතිශක්තිය ඇතිකරන බව දක්වා තිබේ .ගජ මදාරා කොළ වියලා සාම්බ්‍රානි සමග කුඩු කර පිරිත් කර උදේ සවස නිවසට දුම් ඇල්ලීමෙන් අපල උපද්‍රව දුරුවී වාසනාව උදාවෙන බව දක්වා තිබේ.තවද මදාර ගෙඩි සිරුරට ස්පර්ශ වන පරිදි පැලදීමෙන් ඇස්වහ, කටවහ, අනවින, කොඩිවින, හූනියම් නොවදින අතර, අමනුෂ්‍ය හා භූත දෝෂ ඇති නොවේ.තවද හෙළ වෙදකමේ දක්නට ලැබෙන ප්‍රසිද්ධ තෙලක් වන නවපටල තෙල සඳහා මදාරා කොළ යොදා ගනි. මේ තෙල හිස ගැල්වීමෙන් ස්නායූ ආබාධ හිසේ ආබාධ, මොළයේ ආබාධ, ඇස් කන් නාසා ආදියෙහි ඇතිවෙන නොයෙක් රෝගයන් සුවවෙන දක්වා තිබේ. තවද මදාරා කොළ තම්බා එම ජලය නෑමෙන් ප්‍රබල ඉසරදය සුවවෙබෙව දක්වා ඇත. එමෙන්ම මාංශ පේශි දියවිමේ රෝගය වැලදුනු අයට මදාරා ලීයෙන් ඝර්ෂණය කිරිමෙන් එය සුව වෙන බව දක්වා තිබේ. තවද අලි ඇතුන් පවා දන නමන මෙම ශාකය ඉතාත්මත් දුර්ලභ වටිනා ශාකයකි

“සුරරඳ සමන් සමගින් සුරගන එවර – පැහැනද මදාරා පරසතු මල් පතර
කර පුද වඳින රැදි මුනි සිරිපා තඹර – සකිසඳ පෙනේ සමනළ ගල නැගෙනහිර”

පුන් මදාරා මල් දමින් මුදු දිගු සුනිල් වරලස ගොතා – මන් මදා කිතුලිය ලෙසින් උරතුර සරාදිලි මුතු ලතා
මන් නදා වන මිණි මෙවු නද වෙණ නදින් එක්කොට ඉතා – උන් එදා දුන් රඟ දුටොත් තව සක් සැපත් කවරෙක් පතා..