අපි හැම කෙනෙක් ම බඹසර ජීවිතයට පැමිණිලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ මුල් කරගෙනයි. බුදුරජාණන් වහන්සේගේ සරණ ලැබීම පිණිසයි. භික්ෂු භික්ෂුණී හෝ වේවා, උපාසක උපාසිකා හෝ වේවා බඹසර ජීවිතයට පැමිණෙන්නේ, ධර්මය අහලා, ධර්මය ගැන යම් තේරුමක් ඇතිව, තෙරුවන් සරණ ගිහින් සීලයේ පිහිටීමෙනුයි. යමෙක් ධර්මය අහලා, ධර්මය ගැන යම් තේරුමක් ඉපදීමෙන් තමයි තිසරණයේ පිහිටන්නෙත්, සීලයෙහි පිහිටන්නෙත්. එපමණකින් ම ඔහු බඹසර ජීවිතයට පැමිණිලා.බඹසර ජීවිතයට පැමිණුන කෙනා, ඒ බඹසර ජීවිතය සුරඬිත කරගන්ටත්, ආරක‍ෂා කරගන්ටත්, යළි නොපිරිහෙන, බිඳ නොවැටෙන දෙයක් බවට පත් කරගන්ටත්, අප්‍රමාදීව කටයුතු කළ යුතුයි. එවිට ඔහුට ඒ බඹසර ජීවිතයෙන් ලබන්ට පුළුවන් පිළිසරණ ලැඛෙනවා. යම් කෙනෙක් බඹසර ජීවිතයට පැමිණිලා, ඒ බඹසර ජීවිතය සුරක‍ෂිත කරගත්තොත්, නොපිරිහෙන දෙයක් බවට පත් කර ගත්තොත් එබඳු දක්ෂ කෙනෙකුට, ප්‍රමාද නොවී බඹසර ජීවිතය සම්පූර්ණ කරගන්ට පුළුවන්කම තියෙනවා. එබඳු කෙනෙක් බුදුරජාණන් වහන්සේ පෙන්වූ පරිපූර්ණ පිළිසරණ ලබාගත්ත කෙනෙකු බවට පත්වෙනවා. උදෑසන වේවා, දහවල් වේවා, සවස වේවා, රාත්‍රියේ වේවා, සිතින් කයින් වචනයෙන් කියන මේ තුන් දොරින් ම අපි උත්සාහ කළ යුත්තේ, උපදවා ගත්ත ඒ බඹසර ජීවිතය යළි නොපිරිහෙන විදියට, පහතට නොවැටෙන විදියට සුරඬිත කරගැනීමටයි. එහි ස්ථාවර භාවයට පත්වීම පිණිසයි. එහෙම නොවෙනවා නම් මේ ජීවිතය නිශ්ඵල එකක් බවට පත්වෙනවා.බඹසර ජීවිතය සම්පූර්ණ කළ කෙනාට, මේ ජීවිතයේ ලබන්ට පුළුවන් ඉහළ ම සුවයට පත්වෙන්ට පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා, සුඛෝ බුද්ධානං උප්පාදෝ කියලා. බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුරජාණන් වහන්සේගේ පහළ වීම සැපයක් කියලා දේශනා කරනවා. එතකොට අපි බඹසර ජීවිතයට පැමිණුන සැණින් ඒ සැපයේ අංශුවක් හෝ ලැඛෙනවා. බුදුරජාණන් වහන්සේ උදෙසා යම් කෙනෙක් බඹසර ජීවිතයට පැමිණුනා නම්, එතැන් පටන්, බුදුරජාණන් වහන්සේ පහළ වීමෙන් ලෝකයට ලැඛෙන යම් සැපයක් ඇද්ද, ඒ සැපය අංශ= මාත්‍රයකින් හෝ ලබන්ට එයාට පුළුවන්. ඒ සැපය යමෙක් හඳුනා ගත්තොත්, ඒ බඹසර ජීවිතය ඒකාන්තයෙන් ම සුරක‍ෂිත වෙනවාම යි.

බුදු කෙනෙක් පහළවීම සැපයක් කියලා වදාළ ධර්මය ඒකාන්තයෙන්ම සත්‍යක්. ඒක වෙනස් නොවෙන දෙයක්. ඒක සනාතන ධර්මයක්. බුදුරජාණන් වහන්සේ උදෙසා බඹසර ජීවිතයට පැමිණෙන කෙනා, බුදු කෙනෙකුගේ පහළ වීමෙන් ලෝකයට උපදින ඒ සැපය හඳුනාගත යුතුයි. නුවණැත්තා තිසරණයේ පිහිටා සීලය සමාදන් වෙන්නේ, සීලයේ පිහිටන්නේ ඒ සැපය දැකලා ම යි. නමුත් ඒ සැපය හොඳින් හඳුනා නොගන්නා කෙනා, ඒ පැමිණුන බඹසර ජීවිතය ආරඬා රගන්නේ නෑ. අදක‍ෂයා ඉන් පහතට යළි වැටෙනවා. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේ නමක් පහළවීමෙන් ලෝකයට ලැබුණ ඒ මහා සැපය ගැන අපට යම් තෙරුමක් තියෙන්ට ඕන. ඒ සැපයෙන් ස්වල්පයක් හෝ අපටත් දැනෙනවා කියලා තේරුම් ගන්ට ඕන. ඒ සැපය විඳින අය කියලා තේරෙන්ට ඕන. ඒ සැපය තේරුණොත් තමයි සුරක‍ෂිත කරගන්නේ. ඒ සැපය බැහැර නොවෙන විදියට, ගිලිහෙන්නේ නැති විදියට ආරඬා කරගන්ට දඬ වෙන්නේ ඒ සැපය හඳුනා ගැනීමෙන්. එයට ප්‍රඥාව තිබිය යුතුයි.මිනිසුන්ට ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා යම් ප්‍රමාණයක් ද තියෙන්නේ, ඊට වඩා දෙවියන්ට ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා තියෙනවා. ඒ නිසා මිනිසුුන්ට වඩා දෙවියන්ගේ ප්‍රඥාව බලවත්. ඒ නිසා ම තමයි බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්ට පෙරදී ම, බුදු කෙනෙක්ගේ ඉපදීම, සම්බුද්ධත්වයට පත්වීම ආදී හැම කාරණයක්ම දෙවිවරු ඉතා ම සතුටින් සමරන්නේ. දෙවිවරු සතුටු වෙලා, ප්‍රිති ඝෝෂා පවත්වනවා. බුදු කෙනක් පහළ වෙනකොට දෙවිවරු සතුටු වෙනවා, දිව්‍ය ලෝක පිරෙනවා, අසුර ලෝක හිස් වෙනවා කියලා. ඒ වගේම බුද්ධ ශාසනය පිරිහිලා, බුදුරජාණන් වහන්සේගේ ධර්මය අතුරුදහන් වෙලා යන කාලයේ දී දෙවියන් බොහෝ කණගාටු වෙනවා, දැන් දිව්‍ය පිරිස අඩු වෙනවා, දිව්‍ය ලෝක හිස් වෙනවා, අසුර පිරිස වැඩි වෙලා අසුර පිරිස බලවත් වෙනවා කියලා. එයින් දෙවිවන්ගේ ප්‍රඥාවන්ත බවයි ඉස්මතු වෙන්නේ. නමුත් මනුලොව කවුද එහෙම සතුටු වෙන්නේ? මනුලොව ඉතා අතලොස්සක් දෙනා තමයි බුද්ධ කාලය ගැන සතුටට පත්වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බඹසරට පැමිණුන අපි, බුදුරජාණන් වහන්සේ පහළ වීමෙන් ලෝකයට සිදුවන යහපත ගැන, සැපය ගැන සිතමින්, zඅපිත් ඒ සැපය ලබන අය නේදZ කියලා කල්පනා කළ යුතුයි. එය අපේ බඹසර ජීවිතය පහතට නොවැටෙන ආකාරයට සුරඬිත කරගන්ට උපකාර වෙනවා.

ශක්‍ර දෙවියන් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්ට පැමි‚ලා ප්‍රකාශ කරනවා, —ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මම මුලින් දෙවිවරුන්ගෙන් අහලා දැනගෙන තිබුණා, බුදුවරු පහළ වෙනකොටදිව්‍ය පිරිස බලවත් වෙනවා, අසුර පිරිස අඩු වෙනවා කියලා. නමුත් ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මම ඒ අහලා තිබුණ දේ සියැසින් ම දැක ගත්තා. ඒ නිසා මම බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමෙන් ඉන්නේ˜ කියලා ප්‍රකාශ කළා. බුදුවරුන්ගේ පහළ වීම ගැන දෙවිවරු සතුටු වෙන්නේ ඒ විදිහටයි.ඒ දිව්‍ය ලෝකවල ඉපදෙන්නේ මනුස්ස ලොකේ හිටපු අයයි. මනුස්ස ලෝකේ යම් සැපයක් වින්ඳා නම්, ඒ සැපයට වඩා ඉහල සැපයක් දෙවියන් අතරට ගියා ම ලැඛෙනවා. ඊටත් වඩා සුව පහසුවක් ලබනවා බ්‍රහ්ම ලෝකයට ගියොත්. ලෝකයේ යම් දුකක් තියෙනවා නම්, ඒ සියලූ දුක් ඬය වෙලා නිවන අවබෝධ කළ අය, ඉතා ම ශාන්ත වූ ප්‍රණීත වූ නිවනේ සැපය අත්දකිනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වීමෙන් ලබන්ට පුළුවන් පරම සුඛය. සියලූ දුක් ඬය වෙලා, නිවන අවබෝධ කිරීමෙන් ලැඛෙන ශාන්ත, ප්‍රණීත බව, බුදුවරයෙකුගේ පහළ වීමෙන් ලෝකයට බිහිවන පරම සැපයයි.බුදුරජාණන් වහන්සේ නමක් පහළ නොවුණ සමාජයක මිනිසුන් ප්‍රාණඝාතය කරන්ට භයක් නෑ. ලැජ්ජාවක් නෑ. සොරකම් කරන්ට භයක් නෑ. ලැජ්ජාවක් නෑ. වැරදි කාමසේවනය කරන්ට ලැජ්ජාවක්, භයක් නෑ. බොරු කියන්ට ලැජ්ජා භය නෑ. මත්ද්‍රව්‍ය භාවිතා කරන්ට ලැජ්ජා භය නෑ. කේලාම් කියන්ට, පරුෂ වචන කියන්ට, හිස් වචන කියන්ට ලැජ්ජා භයක් නෑ. නමුත් බුුදුරජාණන් වහන්සේ පහළ වෙලා ධර්මය දේශනා කරන කොට, ඒ ධර්මය අහන මිනිස්සු මේ ප්‍රාණඝාතය, සොරකම් කිරීම, වැරදි කාමසේවනය, බොරු කීම, මත්ද්‍රව්‍ය භාවිතය ආදී පාපී ක්‍රියා වලට භය ඇති කරගන්නවා, ලැජ්ජාව ඇති කරගන්නවා. එතකොට ඒ පාපී කි්‍රයා වලින් ඒ අය ඈත්වෙනවා. එපමණකින් ම ලෝකයට භය වෛර නැති වෙනවා. එය සැපයක් බවට පත්වෙනවා. තිරිසන් සත්වයින්ට පවා, සතුරන්ට පවා මෙත් වඩන මිනිසුන් ලෝකයේ බිහිවෙනවා. ඒක මේ ලෝකයට සැපයක්.ඒ වගේ ම බඹසර ජීවිතයට පැමිණෙන කෙනා, තමාගේ ජීවිතය තුල ම පාපී කි්‍රයා දුරුවීම නිසා උපන් සැපයට හිමිකරුවෙක් බවට පත්වෙනවා. එය අපි තේරුම් ගන්ට ඕන. බඹසර ජීවිතයට නොපැමි‚යා නම්, ප්‍රාණඝාතය වරදක් කියලා අපි දන්නේ නෑ. සොරකම වරදක් කියලා අපි දන්නේ නෑ. වැරදි කාමසේවනය, බොරු කීම, මත්ද්‍රව්‍ය භාවිතය වරදක් කියලා අපි දන්නේ නෑ. නමුත් අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා, ඒවා පාපී කි්‍රයා කියලා හඳුනාගෙන, ඒවා අතහැරලා බඹසර ජීවිතයට පැමිණෙනවා. එපමණකින් ම මෙලොව, පරලොව සැප උපදින්ට පටන් ගන්නවා. ඒ විදියට බුදු කෙනෙක් පහළ වීමෙන් අපටත්, ලෝකයටත් ඉපදෙන සැපය ගැන හොඳින් කල්පනා කරන්න. ඒ සැපය අපි විඳින බව තේරුම් ගන්න.

ඒක ප්‍රත්‍යවේඬා කිරීමක්. නුව‚න් කල්පනා කිරීමක්. නුවණ මෙහෙයවා තේරුම් ගැනීමක්. නුව‚න් විමසලා තෝරා බේරා ගන්න විදියක්. ඒ විදියට අපි ධර්මය තේරුම් ගත්තොත්, බුදුරජාණන් වහන්සේ පහළ වීම නිසා අපගේ ජීවිතයට ලැබුණ පිළිසරණ, රැකවරණය, ආරක‍ෂාව, සැපය තේරුම් ගත්තොත්, අපි කවදාවත් ඒ සැපය බැහැරට යන විදියට, ඒ සැපය ගිලිහෙන විදියට කටයුතු කරන්නේ නෑ. ඒකට හේතුව තමයි, ඒ සැපය ගැන තේරුම් ගැනීමෙන්ම සිහියත්, නුවණත් ඉපදෙනවා. යම් කෙනෙක් දවස පුරා ම බුදුරජාණන් වහන්සේ පහළ වීම නිසා තමන්ටත්, ලෝකයටත් ඇතිවුණ සැපය ගැන තමන්ට හැකි පම‚න් තේරුම් ගන්ට උත්සාහ කළොත්, ඒ කෙනා සිහිය උපදවා ගෙන, නුවණ මෙහෙයවන කෙනා බවට පත්වනවා. එයාගේ සිත භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ම නැමී පවතිනවා. යමෙක් ඒ විදියට සිහි නුවණ උපදවා ගත්තොත්, එයාගේ සිත අකුසලයෙන් බැහැර වෙලා, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ම නැමුණු සිතක් බවට පත්වෙනවා. යම් කලක දී ඒ තමන් පැමි‚ බඹසර ජීවිතය සුරක‍ෂිත දෙයක් බවට පත්වෙනවා.බුදුරජාණන් වහන්සේ සරණ යාම, සද්ධර්මය සරණ යාම, ආර්ය මහා සංඝරත්නය සරණ යාම, සිල් පද වල සමාදන් වීමකියන්නේ සොතාපත්ති අංග වලටයි. යම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි නැමුනු සිතින් තමන් සමාදන් වු මේ සෝතාපත්ති අංග හතර, යළි නොපිරිහෙන විදියට සුරඬිත කරගත්තොත්, එහි ස්ථීර බවට පත් වුණොත්, තෙරුවන් කෙරෙහි ඇතිවුණ ඒ ප්‍රසාදය වෙනස් නොවන, අචල ප්‍රසාදය බවට පත් කරගත්තොත්, ස්ථීර දෙයක් බවට පත් කරගත්තොත්, ඒ පැමි‚ බඹසර ජීවිතය ස්ථීර වෙනවා.භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, බඹසර ජීවිතය කියන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්යට කියලා. එතකොට යම් කෙනෙක් සොතාපත්ති අංග සමාදන් වෙනවා කියන්නේ, ආර්ය අෂ්ඨාංගක මාර්ගයට පැමිණීමට යි ඒ උත්සාහ කරන්නේ. ඔහු යම් කලක සමාදන් වුණ සෝතාපත්ති අංග ස්ථීර දෙයක් බවට පත් කරගත්තොත්, නොපිරිහෙන දෙයක් බවට පත් කරගත්තොත් එපමණකින් ම විශාල සැපයක් උපදවා ගන්නවා. ඔහු සතර අපායෙන් නිදහස් වෙලා. ඒ කෙනා සෝතාපත්ති අංග වලින් යුක්තව සම්මා දිට්ඨිය තුළ පිහිටලා, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සියලූ අංග සම්පූර්ණ කරගෙන, බඹසර ජීවිතය පරිපූර්ණ කරගත්තොත්, සියලූ දුක් ක‍ෂය වෙලා පරිපූර්ණ සැපයට පත්වෙනවා. එයයි බුදු කෙනෙක් පහළ වීම නිසා අපටත්, ලෝකයටත් උරුම වෙච්ච දායාදය. බුදුරජාණන් වහන්සේලාගේ පහළ වීම සැපයක් කියලා දේශනා කළේ ඒ නිසයි.

ඒ විදියට ආර්ය අෂ්ඨාංගික මාර්ගය සම්පුර්ණ කරලා තමන් උපදවා ගත්ත සැපය පරිපූර්ණ දෙයක් බවට පත් කරගත් කෙනා තුල, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි උපන් පැහැදීම පරිපූර්ණ වෙනවා. අපිත් උත්සාහ කළ යුත්තේ, කල්පනා කළ යුත්තේ, වැයම් කළ යුත්තේ බුදුරජාණන් වහන්සේ පහළ වීම නිසා ලෝකයටත්, අපටත් උරුම වෙච්ච ඒ සැපය හඳුනා ගනිමින්, අපිත් ඒ සැපය විඳින අය බව තේරුම් ගනිමින්, ඒ සැපය තුළ ස්ථාවර වෙලා, ඒ සැපය පරිපූර්ණ කරගන්ටයි. ඒ ඔස්සේ ම අපේ ජීවිතය මෙහෙයවන්ට කල්පනා කළ යුතුයි.බුදුරජාණන් වහන්සේ පහළ වීමෙන් ලෝකයට දායාද වුණ සැපයෙන් බැහැර වූ දෙයක් අත් කරගැනීම අපේ අපේක්ෂාව නොවිය යුතුයි. ඒ මහා සැපය සිතෙන්, කයෙන් ස්පර්ශ කරන්ටයි අපේ එක ම අපේක්ෂාව, එක ම වෑයම විය යුත්තේ. මෙලොවෙන් කළුරිය කරන්ට පෙර, මැරෙන්ට මොහොතකට පෙර හෝ ඒ බුදුරජාණන් වහන්සේ පහළ වීම නිසා ලෝකයට, අපට උපන් ඒ සැපය අත්දකින්ට, ස්පර්ශ කරන්ට, ඒ සැපය විඳින්ට අප තුළ බලවත් කැමැත්තක් තියෙන්ට ඕන. එයට ම යි වෑයම් කළ යුත්තේ. එයින් පිට දේකට වෑයම් කිරීම හිස් දෙයක්, අර්ථ රහිත දෙයක්, ප්‍රඥාවෙන් තොර අනුවණ දෙයක්.බුදුවරුන්ගේ පහළ වීම සැපයක් කියන මේ කරුණ නුව‚න් කල්පනා කරන්නට නොහැකි වීම නිසා තමයි මේ ලැබූ යහපත අපෙන් ඈත් වෙන්නේ. අතිශය ගැඹුරු ධර්ම කරුණු මුලින් ඉගෙනගෙන ඒ දහම් කරුණු තේරෙන්නේ නැතිව පැටලි පැටලී ඉන්නවා ගොඩක් අය. ඒ ගැඹුරු ධර්ම කරුණු තේරෙන කලක් ඒකාන්තයෙන්ම එනවා සිත හොඳින් ධර්මයේ පිහිටිය කෙනාට. නොතේරී තියෙන්නේ නෑ. නමුත් ආරම්භයේ දී ඇතැම් විට ගැඹුරු ධර්ම කරුණු නොතේරී තියෙන්ට පුළුවන්. ඒ ගැන කණගාටුවෙන්ට, පසුතැවෙන්ට, ශෝකවෙන්ට දෙයක් නෑ. සාගරයේ ගැඹුරට යන්ට පුළුවන් කලක් එනවා. ඒ වගේ, ක්‍රම ක්‍රමයෙන් ධර්මයට පිවිසෙන්ට ඕන. ඒ පිවිසීමට සුදුසු විදියක් තමයි මේ කියා දුන්නේ. එය අනුගමනය කරන කෙනාට ඒකාන්තයෙන් ම ධර්මයේ ගැඹුරට ම යන්ට පුළුවන් කලක් එනවා. සියලූ දෙනාට තෙරුවන්ගේ අනන්ත ආශිර්වාදය හිමිවේවා අතිපූජනීය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ