26 වනදා පැවැත්වෙන බංග්ලාදේශ තරඟයෙන් අනතුරුව තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්න බව ලසිත් මාලිංග නිවේදනය කළා. මේ අනුව ඊයේ ඔහු තම අවසන් පුහුණු සැසියට සහභාගී වුණා. පුහුණුවීම් අතරතුරදී අදහස් දක්වමින් ලසිත් මාලිංග මෙසේ පැවසුවා. “මාලිංග නැත්තන් මැච් පරදිනවා කියලා එකක් නැහැ. මේ ඉන්න බොරල්ස්ලටත් මැච් දිනවන්න පුළුවන්.මේකේ වෙන්න ඕනේ විකට් ටෙකන් ස්කිල් එක එතකොට සිටියුවේෂන් මැනේජ්මන්ට් ස්කිල් එක වර්ධනය කරගන්න එක.එක ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඉඳන්ම පුහුණු වෙන්න ඕනේ දෙය.මේක ජාතික කණ්ඩායම ,මේක ඇවිල්ල පුහුණු වෙන තැනක් නෙමෙයි.මේක තමන් ඉගෙන ගත්ත ඒවා භාවිත කරන තැනක්.දැනටනම් එහෙම කරන බවක් මට පෙන්න නැහැ.අඩුම තරමින් මම ගියාට පස්සෙවත් කණ්ඩායම එහෙම වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.” ඒ වගේම අනාගත බලාපොරොත්තු සම්බන්ධයෙන් මාලිංග මෙලෙස අදහස් දැක්වුවා. “ලොකු බලාපොරොත්තු නැහැ. හැබැයි 2020 T 20 තරගාවලිය සඳහා සෙල්ලම් කරනවා.එතෙන්දී අපිට කොලිෆයිඩ් ගහන්න වෙලා තියෙනවා.ඉතින් අපි කොලිෆයිඩ් ගහලා කණඩායම දිනවන්න ඕනේ .ඊට පස්සේ මාව අයින් කලත් කමක් නෑ.එක තමයි මගේ එකම අචිව්මන්ට් එක.ලෝක කුසලානෙට යද්දී මාව අයින් කරලා ගියත් මට කමක් නැහැ.” මෙලෙස පැවසු මාලිංග තමන්ට සහය දැක්වූ ක්රීදාලොලින්ව අමතක කලේ නැහැ. “මට හරි සතුටුයි.මොකද එංගලන්ත්තෙදී පවා ගොඩක් ය මට සපෝර්ට් කල.මම පිටරටවල ගිහිල්ල ඵන්චයිස් ක්‍රිකට් ගහපු හැම වෙලාවකම මේ ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග කියලා සපෝර්ට් කරපු හැමෝටම ස්තුති.ලංකාවේ මම ගොඩක් තරග සෙල්ලම් කල. ඒ වෙලාවේදී ඇවිලා විසිල් එකක් හරි ගහනලා දිරිමත් කලාට බොහොම ස්තුති.ක්‍රිකට් ලංකාවේ වැටිලා.හැබැයි එක හදන්න පුළුවන්.එකට එඩිතර තීරණ ගන්නා ඕනේ.” මෙලෙස පැවසු මාලිංග හෙට අවසාන තරනගය ක්‍රීඩා කරනවා. ඉතින් මාලිංගට සුබපැතුම් එක් කරන්න විශාල ජනකායක් කොළඹ අර.ප්‍රේමදාස පිටියට පැමිණෙයි කියා තමයි බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ.