ශී‍්‍ර ලංකාවේ පුපිරි වේග පන්දුව යවන්නා වන ලසිත් මාලිංග කි‍්‍රකට් පිටියෙන් සමුගැනීමෙන් අනතුරුව ඔස්ටේ‍්‍රලියාවේ පදංචියට යාමට සුදානම් වන බව විවිද ආරංචිමාර්ග පවසනවා. එළැඹෙන බංග්ලාදේශ තරඟාවලියෙන් පසුව ක්‍රිකට් ක්‍රීඩාවට සමදීමට නියමිත බව කියන මාලිංග ඉන් අනතුරුව මෙලෙස ඔස්ට්‍රේලියාවට යාමට නියමිත බවයි වාර්තා වන්නේ. මේ වන විට ශී‍්‍ර ලංකා හිටපු ප‍්‍රවීණ කී‍්‍රඩකයින් කිහිප දෙනකුම සඳහා විදෙස් රටවලින් ආරාධනා ලැබී ඇති අතර මාලිංගටද ඔස්ටේ‍්‍රලියාවේදී පුහුණුකාර තනතුරක් ලැබීමට නියමිත බවද විදෙස් ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ අනුව මාලිංග මේ වන විටදීද ඔස්ටේ‍්‍රලියාවේ රැඳී සිටින අතර බංග්ලාදේශ තරගාවලියට එක් වීම සඳහා ඔහු අද (22 වැනිදා) දිවයිනට පැමිණීමට නියමිත ව තිබෙන බවයි සඳහන් වෙන්නේ. කෙසේ වෙතත් විදෙස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ මාලිංග මේ වන විටත් ඔස්ටේ‍්‍රලියාවේ ස්ථීර පදිංචිය ලබාගෙන ඇති බවයි.