අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ,අනදුකාර හිස්බුල්ලා හා අසාද් සාලි සිය ධුර වලින් ඉවත් කරන්නයි රජයට බල කරමින් අතුරලීයේ රතන හිමියන් සිව්වන දිනටත් උපවාසයේ නිරත වනවා. මේ අතර මෙම උපවාසයට සහය දැක්වීම සඳහා දහස් සංඛ්‍යාත ජනකායක් ඊයේ සහ අද උදෑසන වන විට මහනුවරට පැමිණෙමින් සිටින අතර ඒ අතර මගා සංඝරත්නය ,ජනප්‍රිය පුද්ගලයින් හා කළා කරුවන් ඇතුළු විවිධ සංවිධාන වල පිරිස් සිටින බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශකලේ.

මේ අතර අද රතන හිමියන්ට සහය පලකිරීම සඳහා මහනුවර ඇතුළු නගර කිහිපයකම කඩ සාප්පු වසා දම ඇති බව සඳහන්. එමෙන්ම අද සවස් කාලයේ මෙම උපවාසයට සහය පල කිරීමට දඹුල්ල ආර්ථික මධ්යාස්තානයද වසා දැමෙන බව ඊයේ නිවේදනය කළා. මේ අතර අද සවස 3ට රතන හිමියන්ගේ උපවාසයට සහය පල කරමින් කොළඹ කොටුවේදී විරෝධතාවක් පවැත්වෙන බව උරුමය වෙනුවෙන් හෙට සංවිධානයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.