ප්‍රේක්ෂකයෝ බොහොම ආදරෙන් වැළඳගත්ත කතා මාලාවක් විදිහට ප්‍රේම දඩයම හරි ජනප්‍රියයි. ඉන්දීය ටෙලි නාට්‍යක් වුන මේ කතාවෙ නම Nagin. නමුත් ලංකාවේ ගොඩක් යට සමීප ප්‍රේම දඩයම කියන නම නිසාම අපි මේ කතාව ඒ විදිහට හඳුන්වමු. ඒ කතාවේ මුල් කොටස් දෙකේ ප්‍රධාන චරිතය වුන ශිවන්‍යාට එහෙමත් නැත්නම් ඇත්ත ලෝකේ මොවුනි රෝයිට හිතාගන්න බැරි තරමට මිනිස්සු ආදරය කරන්න පටන් ගන්නේ බලාපොරොත්තු නොවුන විදිහට මේ කතා මාලාවේ කොටස් කිහිපයක්ම නිර්මාණය කරන්නනිෂ්පාදක කණ්ඩායම තුල පවා උවමනාවක් ඇති කරමින්.  කොහොම වුනත් අවසාන කොටස එහෙම නැත්නං ප්‍රේම දඩයම 3 කොටසත් මේ වෙද්දී අවසන් වේගන තමයි යන්නේ.

හැමෝම බලාපොරොත්තු වුන විදිහට මේ කතාව පුරාවටම ඔයාලා ආදරය කරන ශිවන්යාගේ චරිතය නොතිබුනත් අවසාන කොටස් කිහිපයේ නැවත වතාවක් ඇයව අපට ප්‍රේම දඩයම කතාවෙන් මුණගැහෙනවා.කොහොම වුනත් ඔන්න ප්‍රේම දඩයම මෙතනින් ඉවරයි කියලා හිතාගෙන හිටපු අයට පුංචි සතුටුදායක ඉඟියක් ලබා දෙන්නත් මෙවර නිෂ්පාදක කණ්ඩායම අමතක කරලා නෑ. තුන් වෙනි කොටස ලොකුම ලොකු ප්‍රශ්නාර්ථයක් එක්ක අවසන් වීමම හතරවෙනි කොටසක් එන බවට හොඳ ලකුණක් බව තමයි හැමෝම කියන්නේ.

“කොහොමහරි මේ නාග මාණික්‍යය ගන්නවා කියලා” 3 කොටස අවසානයේ විශාකා දෙන පොරොන්දුව නිසාම 4 වෙනි කොටස ඇයගේ චරිතය වට ගොඩනැගේවි කියලා තමයි ගොඩක් අය බලාගෙන ඉන්නේ. විශාකා කියන්නේ එතින් වෙන කව්රුත් නෙමෙයි මේ ආදරයයි නාට්‍ය මාලාව හරහා ශගුන්ගේ චරිතයට පන පොවන සුරූපි නිලි Anita Hassanandani. තම හරියටම ස්ථිර නැති වුනත් ප්‍රේම දඩයම 4 කොටසේ ප්‍රධාන චරිතයට ඇයව තෝරාගෙන තියනවා කියලා තමයි එහෙන් මෙහෙන් ආරංචි වෙන්නේ. ප්‍රධාන චරිතයට කවුරු තෝරාගත්තත් කුතුහලය ත්‍රාසය සපිරි අලුත්ම අලුත් ප්‍රේම දඩයම අත්දැකීමක් ප්‍රේක්ෂකයන්ට විඳගන්න ලැබෙන බවනම් නොඅනුමානයි.